Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විපක්‍නායකගෙන් විසදුමක්

Read Time3Seconds

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මෙලෙස තම ස්ථාවරය සදහන් කර තිබේ.

තව දුරටත් මේ පිළිබදව අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ විපක්ෂ නායකවරයා වශයෙන් විපක්ෂයේ සිටින සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කිරීම තම යුතුකමක් සහ වගකීමක් බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන,ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මෙම සාකච්චාවට එකතු වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එක්වී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *