Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම

Read Time16Seconds

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් සඳහා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

යුරෝපා සංගමය හෝ එවැනි වෙනත් ආයතන මගින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන විරෝධතා පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කර ඇති අතර එවැනි විරෝධතා පැවතිය ද රටේ යහපත පිළිබඳ සිතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන් සඳහා මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් පවසා ඇත.

මේ වන විට දියත් වන මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන රට පුරා ඵලදායිව ක‍්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසුවා. පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, ශ‍්‍රී ලංකා රේගුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා ඉතා ඉහළ දායකත්වයක් ලබාදෙන බවයි සිහිපත් කෙරුණේ.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *