Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කරන්නාගොඩගෙන් ප්‍රකාශයක්

Read Time4Seconds

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීම අද දින සිදු විය.

අදාල ප‍්‍රකාශය ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත.

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේ මෙලෙස ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණියේය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *