Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කරන්නාගොඩගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි

Read Time4Seconds

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) පැය 08ක් පුර ප‍්‍රශ්ණ කර තිබිණි.

අද පෙරවරු 09ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපතිවරයා ඉන් නික්ම ගියේ පස්වරු 05ට පමණය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස ඉකුත් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර  ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙනි.

අධිකරණය ඉකුත් දා ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඒ, 2008 වසරේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *