Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීන නිෂ්පාදන වල ආරක්ෂාව පිලිබඳව ශ්‍රී ලංකාවට ගැටළුවක් නැහැ. – ඇමති අජිත් පී පෙරේරා

Read Time11Seconds

ශ්‍රී ලංකාව තුළ චීන නිෂ්පාදන භාවිතය පිලිබඳව ගැටළුවක් නොමැති බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

චීන සමාගමක් වන Huawei Technologies සමාගම සිය නිෂ්පාදන හා සේවා සපයන ලොව රටවල් 170 අතරට ශ්‍රී ලංකාවද අයත්.

ඒ අතුරින් ඇතැම් රටවල් පසුගිය සමයේ Huawei භාවිතය පිලිබඳව දැඩි අවධානය යොමු කළේ එම සමාගමේ නිර්මාතෘවරයා චීන හමුදා නිළධාරියකු ලෙස සේවය කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් අමාත්‍ය අජිත් පෙරේරා මහතා මේ පිළිබව දැක්වූයේ මෙවැනි අදහසක්;
“ව්‍යාපාර හා දේශපාලනය කියන්නෙ වෙනස් කාරණා දෙකක්. අපි කිසිදු අයුරකින් මේ දෙක පටලගන්න සුදුසු නැහැ. ශ්‍රී ලංකාව ඉතාමත් සාර්ථකව හා ආරක්ෂිතව Huawei ඇතුළු චීන නිෂ්පාදන මහාපරිමානයෙන් භාවිත කරනවා. දේශපාලනික වශයෙන් රටවල් වලට න්‍යායපත්‍ර තියෙන්න පුළුවන්. නමුත් නවීන තාක්ෂණය තුළින් ජනතාවට හිමිවන වරප්‍රසාද වලට මගහරස් කිරීම නොකල යුතුයි. ඔවුන් Huawei නිර්මාතෘවරයා චීන හමුදාවට සේවය කළ බවට චෝදනා කරනවා. ඔව් ඉතිං මොකද? ගොඩක් ආයතන වල ප්‍රධාන විධායක නිළධාරීන් බොහෝ විට හමුදාවේ සේවය කළ අය. ඒ මගින් ඔවුන්ගේ වෙලඳ භාන්ඩ මිලිටරි හෝ දේශපාලන භාන්ඩ වෙන්නෙ නෑ.”

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ නිදහස් වෙලඳපොලක් තුළ වැදගත් වන්නේ භාන්ඩයක ගුණාත්මකභාවය හා මිළ බවයි. Huawei සමාගම විශිෂ්ට නිෂ්පාදන වෙලඳපොලට නිකුත් කරන බවද අමාත්‍ය අජිත් පෙරේරා මහතා පවසනවා.
“ඇයි ඔවුන්ට යොදාගන්න බැරි තමන්ගෙම ව්‍යාපාරික වාසි? එක්සත් රාජධානිය හා ප්‍රංශය අද ඒ මග යනවා. මම කැමතියි දකින්න ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විට් කරනවා මට අවශ්‍යයයි ඇමරිකාව තරගකාරීත්වය තුළින් ජයගන්න කියලා. එසේ නොමැතිව පවතින දියුණු තාක්ෂණය අවහිර කිරීමෙන් නොවෙයි.”

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *