Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රී ලංකාව ගැන යෝජනාවලියක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට

Read Time11Seconds

එක්සත් රාජධානිය හා ජර්මනිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වු යෝජනාවලියක් ජිනීවා හි පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල් ලේකම් කාර්යාලය  Colombo Gazette වෙත මෙලෙස තහවුරු කළේය.

A/HRC/40/L.1 නැමති මෙම යෝජනාවලිය අද සභාගත කර ඇත්තේ කැනඩාව, ජර්මනිය මොන්ටිනිග්‍රෝ, උතුරු මැසඩොනියාව , මහා බ්‍රිතාන්‍ය ,හා උතුරු අයර්ලන්තයේ පුර්ණ අනුග්‍රහකත්වය යටතේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය යන මාතෘකාව යටතේ අදාළ යෝජනාවලිය සකස් කර තිබේ.

එමගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය ,වගවිම හා මානව හිම්කම් සම්බන්ධයෙන් එම කාර්යාලය දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබදව ප්‍රගතිය අඛණ්ඩව තක්සේරු කරන ලෙසටය.

එමෙන්ම ඒ පිළිබදව මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට ලිඛිත දැනුම් දිමක් කරන ලෙසද යෝජනාව මගින් ඉල්ලිමක් කර තිබෙන අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබදමහ කොමසාරිස් කාර්යාලය හා මීට අදාළ බලය ලත් අනෙකුත් පාර්ශව වලින් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ උපදේශනය හා එකඟත්වය මත මානව හිමිකම්, සත්‍ය, යුක්තිය ,ප්‍රතිසංධානය හා වගවීම ප්‍රවර්ධනය කිරිමට හා ආරක්ෂා කිරිමට අඛණ්ඩව උපදෙස් හා තාක්ෂණික සහය ලබා දෙන ලෙසටය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *