Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කරන්නාගෝඩගෙන් ප්‍රශ්ණ කළේ මොනාද?

Read Time3Seconds

පැය 8ක් පුරාවටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා ගනිමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කිරීම ඊයේ සිදු විය. මෙහිදී සිදුවීම වූ දිනයේදී අදාල සිදුවීම සිදුවූ ආකාරය කෙසේදැයි සී.අයි.ඩි. නිලධාරීන් විමසා ඇතැයි සී.අයි.ඩි. ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහෙදී මෙතෙක් ඔහු අදාල සිදුවීම මුල සිට අගට පවසා ඇතැයි සදහන් වෙයි. එම සටහන්හි කිසිදු රාජපක්ෂ වරයෙකුට විරුද්ධව කිසිවක් නැති බවද වැඩි දුරටත් වාර්තා වේ.

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස වාර්තා කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවය.

නවත්ත ඔහුගෙන් හෙට දිනයේදී ප්‍රකාශ සටහන් කිරීමට නියමිතය.

AS.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *