Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පොහොට්ටුවේ මීළග ජනාධිපති අපේක්‍ෂක ගැන බන්දුල කියන කතාව

Read Time8Seconds

හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමග ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා  පිලිබදව Colombo Gazette Sinhala අප කල කෙටි සංවාද සටහනකි මේ.

ඔබලාගේ මීලග ජනාධිපති අපේක්ෂකයා කවුද ?

මෙරට පවතින තත්වයන් උඩු යටිකුර කිරීමට නම් ගොටභය වැනි නායකයෙක් බිහි විය යුතුයි.

ඒ කියන්නේ ඔහුද මීලග ජනාධිපති අපේක්ෂකයා ?

ඔව්. එය මගේ පුද්ගලික මතය

නමුත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කියන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි අපේක්ෂකයා කියලා?

ඔහු ඉතිං කුඩා තරුණ මන්ත්‍රී කෙනෙක්නෙ…

ඒ වුනාට දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ මහලේකම් ලෙස ඔහු කියන්නේ ශ්‍රීලනිපයේ තීරණය තමයි අවසන් තීරණය විය යුත්තේ කියලා ?

මහින්ද රාජපක්ෂ මහතාට වියවස්ථාවෙන් වැට බැදලා. මෙහෙම හිතන්නකෝදැන් පසුගිය කාලේ  අතිපුජ්‍ය සෝභිත හාමුදුරුවෝ පොදු අපේක්ෂයෙක් කියලා කිවුවට පස්සේ කරු ජයසුරියගේ නමත්  යෝජනා වුණා. ඔය අතරේදී රනිල වික්‍රමසිංහගේ නමත් කිවුවා.ඔය නම් වලට කට්ටි, කට්ටිත් රණ්ඩු වුණා.

කොහොමහරි ආවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවිල්ලා ඔහු දින්නා. කවුරු කොහොම කිවුවත් ඒ අවස්ථාවේදී පත් කරන්නේ ඒ වෙලාවේදී වඩාත්ම හයිය තියෙන කෙනා. රටක ජනාධිපතිවරණයකදී නොයෙක් දේ කථා විය හැකියි නමුත් පොදු ජනතාව හිතන්නේ කුමක්ද කියලයි වැදගත්. සුනාමියක් විදියට ආණ්ඩු විරෝධී අපේක්ෂකයා ඉදිරියේදී පෙළ ගැහේවි.

 

පොහොට්ටුව ඉදිරි ඕනෑම මැතිවරණයකට සුදානම්ද?

ඔව්. විශාලම අවලාද කිවුවේ පොහිට්ටුවට.ඒ නායකයෙක් නැහැ කියලා. නමුත් ජනතාව ඔවුන්ට අවශ්‍ය නායකයා තෝරා දී අවසන්

 

සංවාද සටහන අශන්ති වරුණසුරිය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *