Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කලා ක්ෂේත්‍රය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සැකසේ

Read Time35Seconds

කලා ක්ෂේත්‍රය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් තිබීම රටක තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එය ප්‍රමිතිගත පුරවැසියකු බිහි කිරීමටත්, පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමටත් ඉවහල්වන බව ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සැකසීම ආරම්භ කර ඇත.

නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.

ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සැකසීම ඇරඹේ.

කලා ක්ෂේත්‍රය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් තිබීම රටක තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එය ප්‍රමිතිගත පුරවැසියකු බිහි කිරීමටත් ,පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමටත් ඉවහල් වේ.

ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය මගින් යහපත්  සහ දියුණු කලා සම්ප්‍රදායක් බිහිවියයුතුවා මෙන්ම , කලා කරුවාගේ සහ පුරවැසියාගේ  යහ පැවැත්ම තහවුරු විය යුතුය .

පනහේ දශකයේ නාට්‍ය සහ සාහිත්‍ය ක්ෂේත්‍රයන්හිත් , හැත්තෑව දශකයේ  සිනමා සහ ගීත ක්ෂේත්රයන්හි සහ අසුව අනුව දශකවල ටෙලිනාට්‍යයේ  සිදුවූ යහපත් ප්‍රවනතාවන් බඳු විටින් විට සිදුවූ පිබිදීම් කිහිපයක් හැර සමස්තයක් ලෙස නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ කළා ක්ෂේත්‍රය තුළ සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් ඇතිවූ බවක් නොපෙනේ.විවෘත්ත ආර්ථිකය පැමිණීමත් සමඟ ඇතිවූ පරිවර්තනය සහ තොරතුරු තාක්ෂණයේ වත්මන් බලපෑම නිසා කලා ක්ෂේත්‍රය , කලාකරුවන් සහ රසික ප්‍රජාව මුහුණදෙන අභියෝග හඳුනාගෙන තිරසර පැවැත්මක් තහවුරු කරගැනීම දැනටමත් ප්‍රමාදවී තිබෙන කටයුත්තකි.

බලවත් අඩුපාඩුවක් ව පවතින ශ්‍රී ලංකාවේ  ජාතික කලා  හා සංස්කෘතික ප්‍රතිපත්තිය සකස්කිරීම සඳහා නිදහස් කළා සන්ධානය මේ වනවිට ආරම්භක පියවර තබා ඇත.

දේශපාලන භේදයකින් තොරව සියලු කළා කරුවන්ගේ සහ කළා සංවිධාන වල යෝජනා ලබා ගෙන පුළුල් සාකච්චාවකින් පසු ප්‍රතිපත්ති රාමුව සැකසීමට  සැලසුම් කෙරේ .විද්‍යානුකුල සකස්කෙරෙන අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නෛතික බලයක්  සහිත ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මේ ක්‍රියාදාමයේ අවසන් ඉලක්කයයි.මන්ද එවිට බලයට පත්වන කුමන හෝ ආණ්ඩුවක් ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බැවිනි.එවිට කලා කරුවන් සහ කලා සංවිධාන වලට ඒ සඳහා ආණ්ඩුවලට බලපෑම් කිරීමේ හැකියාව පවතී.

පුළුල් සංවාදයක් තුලින් පොදුවේ පිළිගත හැකි ප්‍රතිපත්ති රාමුවක් බවට මෙය පත් කැර ගැනීම සඳහා සියලු කලා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි

පිහිටුවා ඇති අනුමණ්ඩල නවයක් ඔස්සේ ජාතික කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තිය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම සිදුවේ.එනම්

  1. සිනමා අනුමණ්ඩලය
  2. රුපවාහිනී අනුමණ්ඩලය
  3. ගුවන්විදුලි අනුමණ්ඩලය
  4. නාට්‍ය අනුමණ්ඩලය
  5. සාහිත්‍ය අනුමණ්ඩලය
  6. පුවත්පත් හා මුද්‍රිත මාධ්‍ය අනුමණ්ඩලය
  7. ප්‍රසාංගික කලා අනුමණ්ඩලය

(ගායන ,සංගීත , නර්තන ආදී සියලු ලලිත කලාවන් )

  1. සාම්ප්‍රදායික කලා සහ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් අනුමණ්ඩලය

(චිත්‍ර , මුර්ති ඇතුළු දෘශ්‍ය කලා , සියලු පාරම්පරික කලා , ජනශ්‍රැතිය , කෙම් ක්‍රම අත්බෙහෙත් , අභිචාරාත්මක කලාංග සහ සාම්ප්‍රදායික          දැනුම )

  1. නව මාධ්‍ය (සයිබර් අවකාශය තුළ ක්‍රියාත්මක වන කලා ශානර )

මේ අනුමණ්ඩල ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන් , කලා කරුවන් ගෙන් සංයුක්ත වේ.එම අනුමණ්ඩල මගින් පුද්ගලයන්ගෙන් හා සංවිධාන වලින් අදහස් විමසීමෙන් හා නිසි අධ්‍යයනයන්ගෙන් පසු කෙටුම්පත සැකසේ.

ප්‍රතිපත්ති රාමුව පහත සඳහන් මුලික ශිර්ෂ යටතේ ආකෘතිගත කෙරේ.

  1. අදාල කලා ක්ෂේත්‍රයෙහි විෂය පරිමාව
  2. නිර්මාණ ,නිර්මාණකරණය හා නිර්මාණකරුවන් ට අදාල වියයුතු නෛතික තත්වයන්

III.  වෘත්තිකයන්ගේ වගවීම් සහ වරප්‍රසාද

  1. තිරසර පැවැත්ම
  2. සංරක්ෂණය සහ ප්‍රවර්ධනය

මේ සඳහා කලාවේ ප්‍රගතියක් අපේක්ෂා කරන සැමගේ සහයෝගය ඉල්ලා සිටින අතර ජාතික වගකීමක් සේ සලකා මේ කාර්යයේදී සියලු කලාකරුවන්, කලා සංවිධාන විද්වතුන් සහ රසික ප්‍රජාව උපරිම සහය දක්වනු ඇතැයි නිදහස් කලා සන්ධානය අපේක්ෂාවෙන් සිටී .

ස්තුතියි , මීට , සුදත් රෝහණ  (ගරු සභාපති ), නිදහස් කලා සන්ධානය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *