Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

HNB සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් වෙතින් ව්‍යාපාරික කාන්තාවන්ට ණය

Read Time18Seconds

හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම එක්වි TRI-ZEN නිවාස ව්‍යාපෘතියේ නිවාස ආයෝජනය කරන කාන්තාවන්ට විශේෂ ණය පහසුකම් ලබා දීමට පියවරගෙන ඇත.

TRI-ZEN නිවාස සම්බන්ධයෙන් කාන්තාවන්ටම සුවිශේෂි වු දීර්ඝ කාලීන ණය ක්‍රමයක් හඳුන්වා දිමට හැටන් නැෂනල් බැංකුව සමඟ හවුල්කාරිත්වයකට එළඹිමට ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම තිරණය කොට ඇත.

මේ යටතේ නිවාසවල වටිනාකමින් 80% ක් දක්වා ණය පහසුකම් හිමි වන අතර ආපසු ගෙවීම් කරන කාලය වසර 25ක් දක්වා හිමි වේ .මුලික ණය මුදල ආපසු ගෙවිම සඳහා වසර 5ක් දක්වා සහන කාලයක් හිමි වන අතර වසර 5ත් 10 ත් අතර කාලයක් ස්ථාවර පවත්වාගෙන යා හැකි ආකර්ෂණිය පොලි අනුපාතයක් ද හිමි වනු ඇති .මේ අනුව නිවසක් වෙන් කරවා ගැනිම සඳහා ගෙවිය යුත්තේ මුළු වටිනාකමින් 5% ක් වන අතර ,ආයෝජකයාගේ කොටසේ දායකත්වය 15% කි .දින 3ක් සඳහා ණය මුදල සඳහා අනුමැතිය දිමට කටයුතු යොදා ඇත.

රට පුරා විසිරුණු හැටන් නැෂනල් බැංකු ශාඛා 251 ක් අතරින් තමන් කැමති ශාඛාවකින් මෙම ණය මුදල ලබාගත හැක. ගනුදෙනුකාරියන්ට සහය විමට සැම ශාඛාවකටම නිළධාරින් දෙදෙනා බැගින් යොතදවා ඇති අතර පෞද්ගලිකව සිදුකරන උකස් සේවා පිළිබඳ උපදේශන සේවාවක්ද ක්‍රියාත්මකයි.

මෙහිදී ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරිනි රොෂානි ජයසුන්දර මොරායාස් මහත්මිය මෙලෙස අදහස් දැක්වීය.

“කාන්තාවන් ලෙස අපට අපේ ජීවිත වගේම පවුගේ අයගේ ජීවිතත් යහපත්ව පවත්වා ගැනීමේ වගකීම පැවරෙනවා.මෙහිදි නිවාස යන සාධකයත් ඉතාමත් වැදගත්.විශේෂයෙන්ම රැකිය ස්ථානවලට සහ පාසල්වලට නුදුරින් අපගේ නිවස පිහිටා තිබිම අපට විශාල පහසුවක් වනවා.ඒ අතින් ගත් විට TRI-ZEN නිවාස ව්‍යාපෘතිය යනු ප්‍රායෝගික හා ලාභදායි විසඳුමක්.හැටන් නැසනල් බැංකුව සමඟ එක්වි මෙම ණය ක්‍රමය හදුන්වා දීම නිසා කාන්තාවන්ට මේ නිවාස මිලදී ගැනිම දැන් තවත් පහසුවී තිබෙනවා”

හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කළමනාකරු /පුද්ගලික මුල්‍ය විසඳුම් ප්‍රධානි කාංචන කරුණාගම මහතා මෙහිදි මෙලෙස අදහස් දැක්විය.

“ඉතාමත් සහනදායි හි පහසුවෙන් ලබා ගත හැකි නිවාසණය සේවාවන් ලබාදෙමින් ගනුදෙනුකරුවන්නිගේ නිවාස සිහින සැබෑකර ගැනිමිට අත්වැලක් විමට අප සැම විටිම උත්සාහා කරනවා .නිවාස සහ දේපළ මිලිදිී ගැනිමිට කාන්තාවන් වෙතින් පළවෙමින් පවතින උනන්දුව සහ විශේසයෙන්ම TRI-ZEN නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉල්ලුම ඉහළ යමින් පවතින නිසා මේ ආකාරයට ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමග එක්වි නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දිීමට අප තීරණය කළා “

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම හා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමගම අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිවන මෙමTRI-ZEN නිවාස ව්‍යාපෘතිය 2023 දී සම්පුර්ණ විමට නියිමිතයි. කොළඹ නගරයේ පිහිටි මෙම නිවාස සංකීර්ණය මහල් 53කින් සමන්විත වන අතර සුහුරු නිවාස සංකල්පයට අනුව ඉදිවේ.

හැටන් නැෂනල් බැංකුව කාන්තාවන්ට පිරිනමන විශේස රක්ෂණාවරණයට උකස් අඩුකිරිමේ රක්ෂණාවරනයක් ,ණය ආරක්ෂණ ආවරණයක් ,ජීවිත ආරක්ෂණ සහ ‍වෛද්‍ය ආවරණයක්ද ඇතුළත් වෙයි.

හැටන් නැෂනල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමි කාන්තාවන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමි වෙයි.ප්‍රථම වර්ෂය සඳහා කාඩ්පත් ගාස්තු අය නොවිම ,වාර්ෂික වැය ප්‍රමාණය අනුව ජීවිත කාලය පුරාම නොමිලේ හිමිවන ක්‍රෙඩිට් කාඩ්පතක්,අලෙවිසැල් වලදී විශේෂ වට්ටම්,රුපියල් 10000ක ට වැඩි මිලදි ගැනිම් සඳහා මාස 12ක් දක්වා පොලි රහිත පහසුගෙවිමේ ක්‍රමයක් ඇතුළත්.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *