Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා දිවුරුම් දෙන දවස ගැන ප්‍රසන්න කියයි

Read Time7Seconds

රටේ මිනිස්සු දෙනාටමත් පොහොට්ටුව ජයග්‍රහණය කර ඇති බවත් එජාපය පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරන්න මහන්ස්සි විය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වන විට රටේ පවතින වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබදව Colombo Gazette Sinhala අප කළ විමසුමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පල කළේය.

වැඩි දුරටත් අප යොමු කළ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග මහතා,

“අද රටේ පාතාලයත් කුඩු ජාවාරමත් නීත්‍යනුකූල වෙලා. රටේ හැම තැනම කුඩු. අහිංසක දරු දැරියන් මත් කුඩු, මත් පෙතිවලට බිලි වෙලා. ජනාධිපතිවරයා යටතට පොලීසිය පවරා ගන්නකම්ම කුඩු ජාවාරම වළක්වන්න බැරි වුණා. එදා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ රටින් පැනලා ගියපු පාතාලයන් ආපහු ආවේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙයි.

මේ ආණ්ඩුවේ අන්තිම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපිත් ඕනෑ තරම් අයවැය දැකලා, අහලා තියෙනවා. බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා විදියට මමත් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ වතාවේ පාර්ලිමේතුවට ඉදිරිපත් වෙච්ච ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වගේ අයවැයක් අපි උපන්තේකට අහලා නැහැ.

අයවැය කියන එකේ තේරුමවත් නොදන්න දෙකේ පන්තියේ අවයැවයක් තමයි මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනතාවට මේ අයවැයෙන් ලැබුණු කිසිම සහනයක් නැහැ. බදු වැඩි කරලා මිනිස්සු නොමරා මරපු අයවැයක් තමයි මංගල ඉදිරිපත් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදලා දීපු අයවැය පාර්ලිමේන්තුවේ දී කියවපු එක තමයි මංගල කළේ.

සමහරු අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන කලබල වෙලා තියෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා නියම වේලාවට අපි ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයටත් තියෙන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න එක මිසක් අපේ අපේක්ෂකයා තෝරන්න මහන්සි වෙන එක නෙමෙයි. සජිත් ද, කරු ද, රනිල් ද, පාඨලී ද කියලා දැන්ම තෝරා ගන්න වෙයි.

කවුරු ආවත් මේ පාර දිනන්නේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපි ආරම්භ කරපු ජයග්‍රාහී ගමන අවසන් කරන්නේ මේ වසර අවසන් වෙන්නට පෙර පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නට පස්සේ කියන එකත් අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා”.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *