Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බැදුම්කර සම්පුර්ණ වාර්තාවක් අවශ්‍යයි: අනුර කුමාර

Read Time4Seconds

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බැඳුම්කර වංචාවෙන් රුපියල් කෝටි ලක්ෂයක් පාඩු සිදුවූ බවට ප්‍රකාශයක් සිදු කර අත සෝදාගෙන පැත්තකට වීමේ හැකියාවක් ජනපතිට ඇත්දැයි ප්‍රශ්න කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් ඇති බවයි.

බැඳුම්කර වංචාව යනු වර්තමාන ආණ්ඩුවට එල්ල වී ඇති බරපතළම දූෂණ චෝදනාව බව පෙන්වා දුන් ඒ මහතා සමහර වාර්තා සහ සාධක මත මෙම ගනුදෙනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම සහ අනුදැනුම මත සිදුවූ දෙයක් බව පෙනෙන බැවින් එය සැඟවිය නොහැකි බවත් ඊයේ (13) අයවැය විවාදයට එක් වෙමින් දිසානායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *