Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ

Read Time26Seconds

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ දක්වා ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවූ බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් නවසීලන්තයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කැනබරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ නවසීලන්තයේ වෙලිංටන් හි පිහිටිකොන්සියුලර් කාර්යාලය විසින් නිරන්තර අවධානය යොමු කර ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්වේ.

අද (15) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන ප්‍රධාන මාර්තෘකාව බවට පත්ව තිබේ. මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ධවලෝත්තමවාදී (White Supremacist) පුද්ගලයෙකු බවයි වාර්තාවේ.

අදාල පුද්ගලයන් සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කර තිබේ. ඔහු මුස්ලිම් පල්ලිය වෙත පා ගමනින් පැමිණීමේ පටන් වෙඩි ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කර නිදහසේ පල්ලියෙන් ඉවත්ව යන ආකාර එහි පැහැදිලිවම දර්ශනය වේ. අදාල වීඩියෝව විනාඩි 17 ක් පුරා දිවෙන බවයි වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පළමුව ඔහු “Let’s get this party started” යනුවෙන් සඳහන් කරන අතර ප්‍රහාරය අවසානයේ ඔහු පවසන්නේ තමාට තවත් ඉලක්ක කිහිපයක් සපුරා ගැනීමට තිබූ නමුත් ඒ සඳහා කාලය නොතිබූ බවයි. “There wasn’t even time to aim there was so many targets”

මෙම ප්‍රහාරකයා හුදෙකලා පුද්ගලයෙකු නොවන අතර ඔහු සමග කණ්ඩායමක් සිටින බව මේ වනවිටත් තහවුරු වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඔවුන් විසින් ට්විටර් හරහා විශාල මතවාදයක් ගෙනයමින් සිටී. යුරෝපීය පස අල්ලාගෙන සිටින ඉස්ලාම් ආක්‍රමණිකයන්ට එරෙහිව සිය සටන දියත් කරන බව 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයා ප්‍රකාශ කර තිබෙන අතර ඔවුන් විසින් ‘මහා ප්‍රතිෂ්ඨාපනය’ යනුවෙන් හැඳින්වෙන වචන 16,000 ක් අඩංගු ප්‍රකාශනයක් ද සමාජ ජාලා හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.

ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට අද (15) උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව තවත් පුද්ගලයින් 48 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා ඇති අතර ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *