Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යෝග ප්‍රවර්ධනය කිරීමේ ජනපතිගේ උත්සහයට මෝදි ස්තුතිය පළ කරයි

Read Time7Seconds

යෝග ප්‍රවර්ධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පුද කළේය

ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා අද වීඩියෝවක් නිකුත් කර ඇති අතර එහිදී ඔහු යෝගා කරන ආකාරය සහ යෝගයේ වැදගත්කම පිළිබඳව කථා කරයි.

මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “යෝගා වඩාත් ජනප්‍රිය කිරීමට ජනපති දැක්වූ සහයෝගයට ස්තූතිය පුදකරන බවත් ජනාධිපතිතුමාගේ යෝගා පුහුණුව පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගැනීම ගැන සතුටුට කරුණක් බවය

අද ජාත්‍යන්තර යෝග දිනය වන අතර ඊට අදාළ උත්සව ඉන්දියාවේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර යෝග දින සැමරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා පැවැත්විණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *