වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අවසර ඉල්ලයි
වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිව, බන්ධනාගාර හිටපු අධිකාරි එමිල් රන්ජන ලමාහේවා සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු වන ඉන්දික සම්පත්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම සඳහා අවසර ලබා දෙන්න ඉල්ලා නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිපතිවරයාට ලද තොරතුරු වලට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බව නීතිපතිවරයා තීරණය කර ඇති බවින් ඒ පිලිබදව අගවිනිසුරුවරයා ගෙන් අවසර ඉල්ලා ඇත.
2012 වසරේ සිදුවූ මෙම සිදුවීමෙන් බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලදී.