Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කල්මුණේ ජනතාවගේ මාරාන්තික උපවාසයට තව දුරටත්

Read Time9Seconds

මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වෙසෙන කල්මුණේ දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි ඉඩම් හා මූල්‍ය බලතල කල්මුණේ උතුර ප්‍රාදේශිය සභාවටත් ලබා දෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ මාරාන්තික උපවාසයපොලිස් ආරක්ෂාව මධ්‍යයේ තවමත් කියාත්මක වෙයි.

මෙම උපවාසය ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද උපවාසය පැවැත්වෙන ස්ථානයට ඊයේ පැමිණීමත් සමග කලබලකාරී තත්වයක් හට හෙන තිබුනේ ඔවුන්ට ජනතාවගේ දැඩි විරෝධය එල්ල කරමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ලිපියක් ඉදිරිපත් කර තිබුනේද ජනතාවගේ දැඩි විරෝධය මධ්යයේය. පසුව පොලීසියේ මැදිහත් වීමෙන් දයා ගමගේ අමාත්‍යවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් හා මූල්‍ය බලතල සහිතව විධිමත් බවට පත්කර දෙන මෙන් පැවැත්වෙන උපවාසයට විරුද්ධව කල්මුණේ පෞද්ගලික බස් නැවතුම් පොළේදී ඊයේ පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් ඊයේ එක්වී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *