Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජාතික මත් නිවාරණ සතියක්

Read Time21Seconds

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිවයින පුරා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව පවසන්නේ 2019.06.23 සිට 2019.07.01 දින දක්වා කාලය තුළ දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව විශෝධනයට ලක් කළ ආඥාලාභීන්, විශෝදන ක්‍රියාවලිය තුළ සිටින ආඥාලාභීන් හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අදාළ වැඩ සටහන් දියත් කරන බවය.

මෙම වැඩ සටහන් මඟින් මත් ද්‍රව්‍ය සම්බන්ධව වැරදිකරුවන් වී සිටි ආඥාලාභින් ,දෙපාර්තමේන්තුව මගින් සාර්ථකව විශෝදනයට ලක් කර සිටින ආඥාලාභීන් හා විශෝධන ක්‍රියාවලියේ සාර්ථකව ගමන් කරන ආඥාලාභීන්, මත් ද්‍රව්‍ය සඳහා ගත කළ කාලය ජාතික වැදගත්කමක් සහිත කටයුතු සදහා යෙදවීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව 2019.06.24 වන දින දකුණු පළාතේ තංගල්ලේදී වෙරළ පවිත්‍රතා වැඩ සටහනක් පැවැත්වෙන අතර, 2019.06.28 වන දින මතින් මීදීම පිළිබඳව දැනුවත් කිරීමක් හා මතින් මිදුණු අයට ස්වයං රැකියාලාභී ආධාර ලබාදීම රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේදීත්, 2019.6.27 වන දින දුක දුරලමු සිත වඩවමු මත් නිවාරණ සායනය අනුරාධපුර මාමිනිගම රඹෑව ග්‍රම නිලධාරී වසම තුළදීත්, කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩ සටහනක් 2019.07.01 වන දිනදීත් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රය තුළ චිත්‍ර ප්‍රදර්ශණයක් හැ පැල සිටුවීම 2019.06.27 හා 28 දෙදින තුළ සිදු වන අතර, දඹුල්ල රෝහල සිට මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා වීදි නාට්‍යයක් 2019.06.27 වන දින පැවැත් වේ.

2019.06.25 වන දින මහනුවර නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට නාවලපිටිය ඇත්ගාල වටරවුම දක්වා පාගමනක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

2019.06.25 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය නිවාරණ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මොරටුව ලුණාව සහ තලංගම රෝහල් පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වෙන අතර, මත් ද්‍රව්‍ය නිවාරණ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මිනුවන්ගොඩ රෝහල පවිත්‍ර කිරීම 2019.6.27 වන දින සිදු කරන බවත්, දේශීය වෛද්‍ය ක්‍රම හා යෝග ක්‍රම මගින් මත් නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම පානදුර ආලෝක වැඩිහිටි නිවාසයේදී 2019.06.24 වන දින සිදු වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *