Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජේෂ්ඨ පොලිස් නිලධාරින් රැසකට ස්ථාන මාරු

Read Time5Seconds

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවයන් මත ජේෂ්ඨ පොලිස් නිලධාරින් රැසකට ඊයේ (21) දින සිට ස්ථාන මාරුවිම් ලබාදි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරින් 22කට මෙලෙස ස්ථාන මාරුවිම් ලබාදී ඇත.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වයඹ පළාතට මාරුකර යවා ඇති අතර වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *