Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඥාණසාර හිමියන් කල්මුණේ උපවාසයේ නිරත පිරිස හමුවෙයි

Read Time4Seconds

බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අද කල්මුනෙ ප්‍රදේශයේ උපවාසයේ නිරත ස්වාමින්වහන්සේලා සහ පුජකවරුන් බැලිමට ගෙස් තිබේ.

මෙම පිරිස උපවාසයේ නිරත වන්නේ කල්මුණේ උතුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් පවට පත්කරන ලෙස ඉල්ලමින්ය.
එම ස්ථානයට ගිය ඥාණසාර හිමියන් පවසා ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන බවය.

ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ප්‍රචණ්ඩකාරි හැසිරිම් උත්සන්න වීමට ඉඩ නොදෙන ලෙසද ඥාණසාර හිමියන් උපවාසකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම කල්මුවෙන් ප්‍රදේශයේ පන නැගි ඇති ගැටළුව ජනතාව අතර ප්‍රශ්නයක් නොව දේශපාලඥයන් අතර ඇති ගැටළුවක් බව ඥාණසාර හිමියන් මෙහිදි පැවසුහ .

එමෙන්ම අදාළ නිලධාරීන් හමුවී මොවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවද ඥාණසාර හිමියන් මෙහිදි පොරොන්දු වී තිබේ.

උපවාසයේ නිරත පිරිසට ජලය පානයට කිරිමට ලබාදුන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවු කිහිපදෙනකු රෝහල්ගත කිරිමටද ඥාණසාර හිමියන් කටයුතු කළේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *