Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලෝක කුසලානයට පෙරළිකාර ජයක් සටහන් කල සිංහයින්ට ජනපති අගමැති සුභ පතයි

Read Time27Seconds

ලෝක කුසලාන වාර්තාව රැක ගැනීමට සමත්වූ ජනපති සහ අගමැති මේ වන විට සුභ පැතුම් පල කර තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ ලද ජයග‍්‍රහණයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුනේ එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී තරගකාරී කී‍්‍රඩා විලාශයක් පෙන්වමින් ශී‍්‍ර ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබපැතුම් එක් කරන බව සදහන් කරමිනි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණයට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කර තිබුනේ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තබා තිබෙන වාර්තාව නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේදි එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම ලැබු පෙරළිකාර ජයක් ලැබූ බව කියමිනි.

1999 පැවති ලෝක කුසලාන තරගාවලියෙන් පසු එංගලන්ත කණ්ඩායම සමග පැවති සෑම එක්දින තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට සමත් වුයේ ඊයේ තරගයේදී  ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහිදී පරාජයට පත් කළේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසු වන එංගලන්ත කණ්ඩායම සිටියදීය..

කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ මුලින්ම පන්දුවට පහර දුන් අතර සිය නියමිත පන්දු ඕවර 50 අවසානයේදි කඩුලු 9ක් දැවි ලකුණු 232ක් රැස්කර ගැනිමට සමත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 03ක් තුලදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වුවත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට ලද පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 39ක් තුලදී වේගවත් ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් වුයේ හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 6ක් ද අවිශ්ක ප්‍රනාන්දු දැවියාමත් සමග පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගු අතර කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා සිටියදී 29 වෙනි පන්දු ඕවරයේදී දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී ලකුණු 85) සහ ධනංජය ද සිල්වා (29) ගේ සහය මතින් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 232ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ජයග්‍රාහි ලකුණු 233ක ඉලක්කයක් හඹා යාමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ වේගවත් ආරම්භයට තිත තැබූ ලසිත් මාලිංග තරගයේ පළමු ඕවරයේ දෙවන පන්දුවේදීම ජොනි බෙයාර්ස්ට්‍රෝව ලකුණු ලබා ගැනීමට පෙර යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්විය.

එංගලන්ත පිතිකරුවන් පන්දු ඕවර 47ක් අවසානයේදී ලකුණු 212කට දැවී ගියේ 1999 වර්ෂයේ සිට ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ජයගැනීමට ඔවුන් අසමත් විය.

සිය ලෝක කුසලාන තරග ඉතිහාසයේ 50 වන කඩුල්ල ලෙස ජෝ රූට් දවා ගනිමින් ඊයේ ලසිත් මාලිංග ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරතවු අතර ඔහු පන්දු ඕවර 10 ක් තුලදී ලකුණු 43 කට කඩුලු 4ක් දවා ගන්නා ලදී.  ධනංජය ද සිල්වා පන්දු ඕවර 8ක් යවමින් ලකුණු 32ක් පමණක් ලබාදී කඩුලු 03ක් දවා ගත්තේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *