Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රි ලංකාවේ ආගමික නිදහස ආරක්ෂා කිරිමට පියවර ගන්නැයි ඇමරිකානු නි.මන්ත්‍රි මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක්ගෙන් ඉල්ලීමක්

Read Time11Seconds

සුළුතර ආගමිකයින්ට ගරුකිරීම හා පාස්කු ඉරුදින ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරිමට පියවර ගන්නැයි ඇමරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් මෙම ඉල්ලීම කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකරමිනි.

නොසන්සුන්කාරි වාතාවරණය ඉහළ නංවමින් ශ්‍රී ලංකාව තුළ සාමය තවදුරටත් බිඳ වැටී ඇති බව පවසන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකා ඉල්හාන් ඕමාර් ඉල්ලා සිටින්නේ ආගමික නිදහස සහ යුධ අපරාධවලට අදාළ ගැටළු අර්බුදයකට යාමට පෙර ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු බවය.

“ඇමරිකාව තුළ මෙන්ම ඉන් බාහිරවද ආගමික නිදහස සහ මානව හිමිකම් වෙනුවෙන් ඇමරිකාව අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතුය.පාස්කු ඉරුදින එල්ලවු බිහිසුනු ප්‍රහාරයේදි ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ ආකාරය යුද්ධයෙන් පසු ප්‍රතිසංධාන කටයුතු සහ නිතිය සහ වගවීම ඒ අයුරින්ම සිදු කිරිමට ශ්‍රී ලකාවට දිරිගැන්විය යුතුයි”

මේ අතර නියෝජිත මන්ත්‍රි මණ්ඩල සාමාජික ජිම් මැක්ගෝවන් පවසන්නේ පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස බිඳ වැටීම පිලිබඳව තමාගේ දැඩි අවධානය යොමු වී ඇති බවය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදය මෙම කරුණට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඵලදායි අයුරින් කටයුතු කරනු ඇතිබවටත් මානව හමිකම් සහ නිතියේ අධිපත්‍ය රැක ගැනීමට ඇමරිකාව ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව බලපෑම්කරනු ඇති බවටත් අපේක්ෂා කරනු ඇති බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *