Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සෑම සිකුරාදාවකම දුම්රිය වර්ජනේ

Read Time5Seconds

වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලැබෙනතුරු ලබන සතියේ සිට සෑම සිකුරාදාවකම එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

වැටුප් විෂමතා විසඳීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකළහොත් යලිත් වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනය අද (22)  මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතය.

දුම්රිය එන්ජින් රියදුරු,දුම්රිය නියාමක,දුම්රිය ස්ථානාධිපති,දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකාර ශ්‍රේණිවල නිලධාරීන් එක්ව ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරැනේ එම ශ්‍රේණිවල වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගනිමිනි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *