Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කරයි

Read Time4Seconds

හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ගැසට් නිවේදනයේ සදහන් වන්නේ මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවය.

පසුගිය පාස්කු ප්‍රහාරයත් සමග රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් මැයි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය. නැවත එය අද සිට යලිත් ඉදිරි මාසයක කාලයක් සදහා එය ප්‍රකාශයට පත් වෙමින් බල පැවැත්වේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *