Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කිරින්ද මුහුදු තීරයේ රළට දෙවන දියණියත් බිලි වෙමින් එකම පවුලේ තිදෙනාම මිය යයි

Read Time3Seconds

කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් විය.

විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මිය ගිය තිදෙනාගේ මළ සිරුරු මේ වන විට තිස්සමහාරාම සහ කිරින්ද රෝහල් වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඥාතීන්ට බාරදීමට නියමිතයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවකයන් පිරිසක් සංවිධාන කළ කිරින්දේ විනෝද චාරිකාවක් සඳහා විසි දෙනෙකු සිට ඇති ඇත. ඔවුන්ගෙන් තිදෙනකු කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් සිටියදී අද මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී තිබේ.

පලටුපාන හෝටලයක නවාතැන් ගෙන සිටි එම කණ්ඩායමේ හය දෙනකු අද උදෑසන 7.30ට පමණ රළපෑගීම සඳහා මුහුදු තීරයට ගොස් ඇති අතර අනපේක්ෂිත ලෙස පැමිණි සැඩ රළ පහරකට ඉන් සිව්දෙනෙකු ගසා ගෙන ගියත් අවට පිරිස් එක්ව එම සිව්දෙනා බේරා ඔවුන්ව තිස්සමහාරාම මූලික රෝහලට සහ කිරින්ද ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස මිය යන්නේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකි. ඒ , හැටන් හී පදිංචි 38 හැවිරිදි නුවන් ජයසූරිය, 04 හැවිරිදි නදීෂා ජයසූරිය සහ 06 හැවිරිදි සහලා ජයසූරිය යන දියණියන් දෙදෙනාය.

දැරියන්ගේ මව වන 33 හැවිරිදි හෂිනි ප්‍රේමසූරිය බරපතළ තත්වයෙන් පසු වූ හෙයින් තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කෙරුණත් එහි දැඩි සත්කාර ඒකකයක් නොතිබිම නිසා පසුව ඇයව හම්බන්තොට මූලික රෝහලටයොමු කර තිබේ.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *