Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

1990 ගිලන් රථ සේවාව නැගෙනහිර පළාතටත්

Read Time10 Second

1990 ගිලන් රථ සේවාව අද නැගෙනහිර පළාතේද ආරම්භ කෙරුණී. ඒ අම්පාරේ අද පැවති විශේෂ උත්සවයකින් අනතුරුවය.

මෙම අවස්ථාවට දයා ගමගේ ,අචාර්ය හර්ෂද සිල්වා යන අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සහ ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

නැගෙනහිර පළාතේ මෙම සේවාව ආරම්භ කිරිමත් සමග මෙම ගිලන් රථ සේවාව දිවයිනම පුරා සියලු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇති

මෙහිදි විඩියෝ පණිවිඩයක් මගින් උත්සවය ඇමතු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංඛ ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය ආරම්ඵබයේ සිටම තමා සිය පෞද්ගලික අවධානය යොමු කරමින් සිටි බවය.

මේ වනවි මෙම සේවාව මෙරට සන්නාමයක් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව එක්ව ළඟා කර ගත හැකි ජයග්‍රහණ සඳහා මෙය හොඳම උදාහරණයක් බවද ඔහු කියා සිටියි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයා පැවසුවේ ඉන්දියාව සැමදාමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව ප්‍රතිචාර දක්වන රාජ්‍යය ලෙස කටයුතු කරන බවය.

ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේ මෙරට සංචාරය කළ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව මෙම සේවාව ආරම්භ කෙරුණි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *