එජාපයෙන් සිදුවු සියලු වැරදි නිවැරදි කරගෙන කටයුතු කරනවා -රවි කරුණානායක

එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවූ සියලු වැරදි නිවැරදි කරගෙන, ජනතාව තුල විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කරන බව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි

එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යන ශ්‍රී ලාංකික පදනමකින් සැමදෙනාම කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය

විදුලි බල අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව සඳහන් කළේ මරදාන ප්‍රදේශයේදි පැවති දානමය පිංකමකදීය.

මෙහිදි අමාත්‍යවරයා වැඩුදුරටත් මෙලෙස අදහස් දැක්වීය..

“එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරදි කරගෙන, ජනතාව තුල විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා”

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here