Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන්ට සහන සැළසීමේ වැඩපිළිවෙල ලබන මස අවසන්

Read Time11Seconds

දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන්ට සහන සැළසීම සඳහා එක් එක් අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ලබන මස අවසන් කරන ලෙසද දන්වා ඇත.

ඒ අනුව ලබන මස 15 වන දිනට ප්‍රථම අවසන් කරන ලෙසට මෙලෙස අමාත්‍ය මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ. පවතින තත්වය හමුවේ මෙම වන්දි ගෙවීමේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලය පවරා දි ඇති අතර ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරදෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.

හානි පුර්ණ ලේකම් කාර්යාලය මඟින් 1994 වසරේ සිට 2014 දක්වා කාළ සීමාව තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට සහන සැළසීම සිදුකරනුලබන අතර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලතල ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා රැස් වු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එම පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ජනාධිපතිවරයාද එහිදී දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන්ට වන්දි ගෙවීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වා ඇති බව සඳහන්ය. මෙම පොරොන්දුව මෙම ආණ්ඩුව බලයට පත් වීමේදී ලබා දුන් එක් පොරොන්දුවකි. නමුත් මෙතෙක් මෙය ඉටු නොවූ බැවින් මේ පිලිබදව බොහෝ මතභේද විවේචන පසුගිය කාලයේදී උද්ගත වුයේ මෙම වන්දි ගෙවිමේ කටයුතු ප්‍රමාද වීම සහ එහි නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙනි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *