Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාස්කු ප්‍රහාරයේ රාජේන්ද්‍රන් තව දුරටත් රිමාන්ඩ්

Read Time6Seconds

පාස්කු ඉරු දින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයේ නියුතුව සිටි රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා තවදුරටත් ලබන 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවූ අතර එහිදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ කරමින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 8 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියම කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *