පොලිස්පති පූජිත්ගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම කල් යයි
Read Time3Seconds
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සළකා බැලීම ජූලි මස 31 වනදා දක්වා ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදි කල් දැමුවේය.
අද පෙරවරුවේ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ අතර තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි මස 29 වන දායි.
Advertisements