Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වසර 16කට පසු ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූ දකුණු අප්‍රිකා කණ්ඩායමට

Read Time7Seconds

වසර 16කට පසු ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙලෙස පරාජය වුයේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (23) පැවති තරගයෙනි.

පාකිස්තාන පිතිකරුවන් තම කණ්ඩායම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවි ලකුණු 308ක් රැස් කර ගත් අතර හැරිස් සොහෙල් ලකුණු 89ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක්ද බාබර් අසාම් හතරේ පහර 7ක් සමගින් ලකුණු 69ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි ඉන්ගිඩි ලකුණු 64 ට දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි. ලකුණු 309ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිලේ පළමු කඩුල්ල ලකුණු 4කදී දවා ගැනීමට මොහොමඩ් අමීර් සමත් විය. දෙවන කඩුල්ල වෙනුවෙන් ක්වන්ටන් ඩී කොක් සමග එක් වූ ෆෆ් ඩුප්ලේසිස් ලකුණු 87ක සබඳතාවක් ගොඩ නගමින් ෆෆ් ඩුප්ලේසිස් ලකුණු 63ක් රැස් කළේය.

ලකුණු 47ක් රැස් කරගෙන සිටියදී ක්වන්ටන් ඩී කොක් දැවි ගිය අතර ඉන්පසු දකුණු අප්‍රිකා පිලේ තවත් කඩුළු දෙකක් ලකුණු 45ක් තුළදි දැවි ගියේය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ දකුණු අප්‍රිකාවට කඩුළු 9ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 259ක් පමණයි.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ තරග 7කට ක්‍රීඩා කර ඇති දකුණු අප්‍රිකාව ඉන් තරග 5ක් පරාජයට පත් වී ජයගෙන ඇත්තේ එක් තරගයකි. මේ නිසා මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට දකුණු අප්‍රිකාවට සිදු විය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *