Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රි ලංකාවේ මානවහිමිකම් ගැන අවධානය යොමුකළ යුතුබව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියයි

Read Time10Seconds

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද දැඩි අවධානය යොමුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැච්ලෙට් මහත්මිය අද ප්‍රකාශ කළාය.

ඒ ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසිවාරයේදිය

ඇය මෙහිදි ප්‍රකාශ කර සිටින්නේ මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමග රටේ වැඩිවෙමින් පවතින නොසන්සුන්තාවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවය.

එසේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර මානවහිමකම් සම්බන්ධ කරුණුවලදි ඒකාබද්ධ ප්‍රවේශයක් නොමැතිවිම හේතුවෙන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරිමේදි ආරක්ෂක අංශවල ඵලදායිතාවයට බලපෑම් ඇති වනු බවද ඇය සඳහන් කළාය.

මුස්ලිම් විරෝධි ප්‍රහාර සහ ඇතැම් ආගමික නායකයින් මෑතකදි ප්‍රචණ්ඩත්වයන්ට පොළඹවන ආකාරයේ සිදුකරන ප්‍රකාශ කිරිම් සම්බන්ධයෙන්ද ඇය කණස්සල පල කරන බවද කියා සිටියාය.

ත්‍රස්ත මර්දනය සඳහා ඇතැම් ක්‍රියා මාර්ග අවශ්‍ය වුවද හදිසි නිතිය අවම කාල සිමාවක් සඳහා පැනවිමේ අවශ්‍යතාවයද ඇය පෙන්වා දෙන ලදි

එසේම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කරනු ලබන ප්‍රශංසනිය කාර්ය භාරය සඳහා ඇය සිය සහයෝගය පල කරන බවද ප්‍රකාශ කළාය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *