Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරිමට අවධානය

Read Time5Seconds

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය අද දිනයේ වැඩ භාරගනු ලැබුවා.

ආගමික වතාවත් වලින් අනතුරුව  ඇය සිය රාජකාරි ආරම්භ කළාය.

රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව නව මහකොමසාරිස්වරිය කියා සිටියේ  දෙරට අතර වෙළද සහ ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරිමේ අවශ්‍යතාවය ඇති බවත් දෙරටෙහි ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරිමට සැලසුම් කරන බවය.

ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය 1998 වසරේ විදේශ සේවා කටයුතු සඳහා එක්වී තිබේ.

මිට පෙර ඇය කැන්බරාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ  ඔස්ට්‍රේලියාවේ වැඩබලන මහකොමසාරිස්වරිය ලෙස මෙන්ම ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *