Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මුස්ලිම් ව්‍යාපාර තහනම් කිරිමට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව ගත් තීරණය මංගලගේ දෝෂ දර්ශනයට

Read Time9Seconds

වර්ණභේදවාදයට සමාන අයුරින් ක්‍රියා කරමින් මුස්ලිම් ව්‍යාපාර තහනම් කිරිමට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව ගත් තීරණය මුදල් අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක්වෙයි.

දංකොටුව සති පොළේ වෙළදාම් කටයුතු කිරිම මුස්ලිම් ව්‍යාපාරිකයින්ට තහනම් කිරිමට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව තීරණය කර ඇති බව වාර්තා වුනි.

මේ සම්බන්ධයෙන් ටිවිටර් පණිවිඩයක් නිකුත් කළ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වර්ණභේදවාදය මතුකරමින් රාජපක්ෂ පාලනය යටතේ පවතින වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව විසින් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට දංකොටුව සතිපෙලේ වෙළදාම් තහනම් කර ඇති බවය.

ප්‍රදේශවාසින්ට හා අදාළ බලධාරින් වෙත ලිපියක් යොමු කරමින් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා සඳහන් කළේ ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ වෙළදුන් තමන් වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලා මෙම පියවර ගත් බවය.

මුස්ලිම් වෙළදුන් සමග එක්ව ක්‍රියාකිරිම තම ආරක්ෂාව පිළිබද විශ්වාසයක් නොපවතින්නේ යැයි ද ඔවුන් පැවසු බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *