Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යුධ සෙබලුන් ඝාතනය කොට පුළුස්සා දැමූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට නඩු

Read Time3Seconds

අවසන් යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවේ සිටි යුද හමුදා සාමාජිකයින් පිරිසක් 2009 ජනවාරි මාසයේ දිනකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඝාතනය කොට පුළුස්සා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු අද (25) දෙවන දිනට අධිකරණ කටයුතු වෙනුවෙන් වවුනියාව මහාධිකරණය විභාග කෙරේ.

ඊයේ 24 දිනයේදී මෙය පළමු වරට කදවු අතර එය අදට කල් දැමිණි.

යුද හමුදා සාමාජිකයින් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයට ඇතුළුවීමේන් කෝපයට පත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් ආරක්ෂක අංශවල 15 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවට ත්‍රස්ත විමර්ශන නිළධාරීන් වෙත තොරතුරු ලැබී ඇත.

යුද සමයේ අවසන් කාලයේ එල්.ටී.ටී.ඊ අත්අඩංගුවේ පසුවු යුද හමුදා සාමාජික කණ්ඩායමක් ඝාතනය කර පුළුස්සා දැමු බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සිදුකළ ප්‍රකාශයක් හමුවේ පරීක්ෂණ පවත්වා අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *