Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රවි කරුණානායකගේ ලොකු දුව ඔනෙලා CIDයට

Read Time8Seconds

ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණිය වන ඔනේලා කරුණානායක මෙනෙවිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසු ගිය 20වනදා මෙලෙස ජුලි මස 7 වනදා පෙරවරුවේ රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියෝග කෙරෙනි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *