Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වෛද්‍ය ශාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Read Time4Seconds

අයථා ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්ඩීන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

රැදවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් වන නීතිඥ රුෂ්ඩි හබීබ් සහ වෛද්‍ය ශාෆි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයා, වැඩබලන පොලිස්පතිවරයා ද නම් කරමිනි.

පොලිසිය විසින් වෛද්‍ය ශාෆි අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව පෙත්සම්කරුවන් මෙමගින් පෙන්වා ඇත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *