Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රි ලංකාව යුරෝපා සංගමය සමග සබඳතා ඇතිකරගැනීම වැදගත් බව බෙල්ජියමේ නව ශ්‍රි ලංකා තානාපතිනිය කියයි

Read Time7 Second

ශ්‍රි ලංකාව විශාලතම අපනයන වෙළදපොළ ලෙස යුරෝපා සංගමය සමග සබඳතා ඇති කර ගැනිමේ වැදගත්කම බෙල්ජියමේ නව ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය පවසයි.

බ්‍රසල්ස්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි වැඩභාර ගැනිමෙන් අනතුරුව ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය ටම් බව සඳහන් කළාය.

මිට පෙර ග්‍රෙස් ආසිර්වාදම් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු කළාය.

තානාපති කාර්යාලයට පැමිණි ග්‍රේස් ආසිර්වාදම් හත්මිය කාර්යමණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

කාර්ය මණ්ඩලය අමතමින් නව තානාපතිනිය කියා සිටියේ මේ වසරේ ඉලක්ක සපුරා ගැනිම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

එසේම ආයෝජන පුළුල් කිරිම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සහ යුරෝපා සංගමය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනිමේ වැදගත්කම පිළිබඳවද ඇය මෙහිදි අවධාරණය කළාය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *