Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රී ලංකාවට පැමිණිමෙන් වළකින ලෙස ඇමරිකාව නිකුත් කොට තිබු අනතුරු ඇඟවීම ලිහිල් කෙරේ

Read Time9Seconds

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමෙන් වළකින ලෙස ඇමරිකාව නිකුත් කොට තිබු අනතුරු ඇඟවීම ලිහිල් කොට තිබේ.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේ  සංචාරක අවධානම්  මට්ටම මේ වන විට  3 සිට 2ක දක්වා අවම වි ඇති බවයි.

එසේම මෙරට සේවය කරන ඇමරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල් වල  සාමාජිකයන් මෙන්ම වයස අවුරුදු 18 ට අඩු ළමුන් ඇමරිකාවට යළි  යවන ලෙස  කළ නියෝගයද  ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉවත්කොට ගෙන ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ මෙරට සංචාරක ස්ථාන සහ ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳ සාප්පු සංකීර්ණ, රාජ්‍ය කාර්යාල , හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපනික ආයතන, ගුවන්තොටුපල, රෝහල් සහ වෙනත් පොදු ස්ථාන වලට  අනතුරු ඇඟවිමකින් තොරව ත්‍රස්ත ප්‍රහාරයන් එල්ලවිමේ අවධානමක්ද පවතින බවය.

එසේම  පවතින ආරක්ෂක තත්ත්වය මත ඇමරිකානු පුරවැසියන්ට මෙරට සංචාරය කිරිමේදි සේවාවාන් සැපයීම සීමිත බවද ඇමරිකාව කියා සිටියි.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *