Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සන්ධානගතවීම සඳහා ඊපිඩිපි සහ කොමියුනිට්ස් පක්ෂ පොදුජන පෙරමුණ සමග සාකච්ජා

Read Time4Seconds

නව සන්ධානයක් ගොඩ නැගිමේ අරමුණින් ඊපිඩිපි පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ජා පවත්වා තිබේ.

ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද සහ කොමියුනිස්ට් පක්ෂ නායක  ඩිව් ගුණසේකර යන මහත්වරුන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ අවස්ථා දෙකකදි වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.

නව සන්ධානය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී දේශපාලන පක්ෂ දෙක විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සලකා බලන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි

පුළුල් සන්ධානයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි

නව සන්ධානයේ ප්‍රධාන පරමාර්ථය වනුයේ එක්සත් ජාතික පක්ෂ රජය පරාජය කර නව රජයක් පිහිටුවීමයි.

ම්ළග ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තම ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු මස ප්‍රකාශයට පත් කරන බව   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මේ සතියේ සඳහන් කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *