Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

හදිසි නිතිය දීර්ඝ කිරිමත් සමග මෙරට සංචාරය කිරිමෙන් වලකින ලෙස මැකාවා කළ අනතුරු ඇඟවීමද දීර්ඝ කරයි

Read Time4Seconds

හදිසි නීතිය මසකින් දිීර්ඝ කිරිමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමෙන් වලකින ලෙස මැකාවා වැසියන්ටනිකුත් කළ අනතුරුඇඟවිම තවදුරටත් දිර්ඝ කොට තිබේ.

මැකාවා හි සංචාරක අර්බුද කළමනාකරණ කාර්යාලය පැවසුවේ ජුනි මස 22 දෙවනදා සිට මෙරට හදිසි නීතිය මසකින් දිර්ඝ කිරිමත් සමග මැකාවා වැසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරය කිරිමෙන් වලකින ලෙස නිකුත් කර තිබු අනතරු ඇඟවිම තවදුරටත් දීර්ඝ කළ බවය

එසේම ශ්‍රි ලංකාවට අනවශ්‍ය ලෙස සංචාරය කිරිමෙන් වළකින ලෙසද එම ජනතාවට දැනුම් දීමක් කර තිබේ.

එසේම පැය 24 පුරා ඇමතිය හැකි මෙම අංකයට+853 2833 3000 ඇමතිමෙන් තොරතුරු ලබා ගැනීමටද එරට වැසියන්ට අවස්ථාව ලබා දි තිබේ.

තවද චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ආරක්ෂාව සහ සේවා සඳහා වන ගෝලීය හදිසි ඇමතුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ඇමතුම් අංකය වන +86 10 12308 ඇමතීමෙන්ද අවශ්‍ය සහය ලබා ගත හැකි බවද ඔවුන් දැනුම් දෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *