Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අසාද් සාලිට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් පරීක්ෂණයක් අරඹයි

Read Time5Seconds

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම කොට්ඨාශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් එම දැනුම් දීම දී ඇත.

ඉකුත්දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වන මුස්ලිම් විනිසුරුවරු පිරිසක්ද සිටින බවට තොරතුරු අනාවරණය කිරීමත් සමග ඒ පිළිබඳව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට අවසර ලබාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණය වෙත වාර්තා කරන මෙන්ද දැනුම් දුන්නේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *