Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉන්දියාවට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනිමට ශ්‍රී ලංකාවේ සහාය

Read Time1 Minute, 41 Second

ඉන්දියාවට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනිමට ශ්‍රී ලංකාවේ සහාය හිමිවි තිබේ.

ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනිම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55 කින් සමන්විත ආසියා පැසිෆික් කණ්ඩායම ඒකමතිකව අනුමත කර තිබේ.

ඉන්දියාවේ අපේක්ෂකත්වයට සහාය දුන් රටවල් 55 අතර ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කුවේට්, කිර්ගිස්තානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්තානය, කටාර්, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, සිරියාව, තුර්කිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය සිටියි.

2021-22 කාල සිමාව සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනිමට රටවල් 5ක් තරග වැදිමට නියමිතයි

එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත සයිඩ් අක්බරුදින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ නිත්‍ය නියෝජිත සාමාජිකත්වය ලබා ගැනිමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55 කින් සමන්විත ආසියා පැසිෆික් කණ්ඩායම සහය පළකිරිම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *