Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කංජිපානි දින 90ක රැදවුම් කාලයක් තුල ප්‍රශ්න කෙරේ

Read Time1Second

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තුන් දෙනා දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවය.

මෙම සැකකරු වෙනුවෙන් මීළඟ දිනයේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිට කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

කන්ජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *