Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනාධිපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රතික්‍ෂේප කරයි

Read Time6Seconds

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තමන් සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අරලියගහ මැදුරේදී අද 26 උදැසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනහිපතිවරයා මේ බව පවසා ඇත.

එමෙන්ම මෙතෙක් ඒ සදහා සහභාගී වීමට කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද ජනාධිපති පවසා තිබේ. පසුගියදා කියවුනේ පාර්ලිම්න්තු විශේෂ කාරක සභාවට ජනාධිපති අගමැති මෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් කැදවීමට නියමිත බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිරය මඟින් රඟ දක්වන නාටකයක් බවත් මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වන බව ත්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස මිය ගොස් ඇති බව ත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *