Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ත්‍රස්වාදය අවසන් යැයි කිව නොහැකි බව හමුදපති සාක්කි දෙමින් කියයි

Read Time7Seconds

මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව ද මෙම ත්‍රස්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවත් මේ වෙලාවේදී අප සටන් කරනු ලබන්නේ නොදැකපු සතුරෙක් සමඟ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත්  පවසයි.

බුද්ධි අංශයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටක සමස්ත බුද්ධි අංශය කඩා වැටීමට ලක්වූ බව කිව නොහැකි යැයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව සඳහන් කළේය.

පසුගිය වසර 10 තුළදී බුද්ධි අංශ යම් පසු බෑමට ලක් වූ බව ද නමුත් මේවන විට මෙම ත්‍රස්තවාදය මැඩලීම සඳහා සියලුදෙනා එකමුතුව කටයුතු කරමින් සිටින බවත් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්ඔහු වැඩි දුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු නිවාස සහ විවිධ ස්ථාන පරීක්ෂා කීරීමේ දී කිසියම් පුද්ගලයෙගෙන් තමාට බලපෑමක් එල්ල නොවූ බවය.

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදා නිලධාරීන් විසින් අප්‍රේල් 26 දින ඉෂාන් අහමඩ් නැමති පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පසු හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා දුරකථනය ඔස්සේ තුන්වරක් ඇමතූ බව යුද හමුදාපතිවරයා පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *