Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බදියුදීන්ගේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම කල් යයි

Read Time1 Minute, 2 Second

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද සවස 2 රැස්වූ අතර සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අසුන් ගැනීමෙන් අනතුරුව කමිටු සමාජිකයින් විසින් කමිටුවේ වැඩ කටයුතු අද දිනට අවසන් කළ යුතු බවත් සාක්ෂි විමසීම එළඹෙන 28 වන දින සවස 2 කට කල් තබා ඇත.

එහිදී පළමුව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සාක්ෂි ලබා දුන් අතර, ඉන් පසුව වර්තමාන වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්.ආර් ආශෝක මහතා සහ කාර්කාමික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ටී.එල්.යූ. රත්නමළල මහතා ද කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *