Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෙරට මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශයට

Read Time10Seconds

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වු ශ්‍රි ලංකා නියෝජිතයින් පිරිස මෙරට මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුණු සහ ප්‍රතිසංධාන අදාළ කරුණු මෙහිදි ප්‍රකාශ සිටියේය.

පසුගිය 24 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසිවාරයේදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කළ අදහස් පිලිබදවද මෙහිදි නියෝජිත පිරිස අදහස් දැක්වීය.

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සමග වර්තමානයේ ලංකාවේ ඇතිවු තත්ත්වය පිළිබඳවද සහ ආරක්ෂාව පිළිබඳව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද ඔවුන් අදහස් දැක්වීය.

එමෙන්ම රටේ ආරක්ෂාව සම්න්බධව සහ ගතයුතු නිතිමය ක්‍රියාමාර්ග සැකසෙමින් පවතින බවද ඔවුන් මෙහිදි සඳහන් කළේය.

තවද රට තුළ ත්‍රස්තවාදි ක්‍රියා වැලැක්විමට රජය ක්‍රියාමාර්ග ගත් බවද ඔවුන් පැවසීය.

මෙරට නියෝජිත පිරිස වැඩිදුරටත් කියා සිටියේ මානවහිමිකම් කවුන්සිලියේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් පළදායි සාකච්ජා සහ සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රි ලංකා රජය අඛණ්ඩව කටයුතු කරන බවත්ය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *