Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

2020 පෙබරවාරි සිට Android 2.3.7 සහ iOS 7 මෙහෙයුම් පද්ධති සඳහා වන සහාය අවසන් කිරීමට WhatsApp තීරණය කර

Read Time10Seconds

2020 පෙබරවාරි සිට Android 2.3.7 සහ iOS 7 මෙහෙයුම් පද්ධති සඳහා වන සහාය අවසන් කිරීමට WhatsApp තීරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඔවුන් වැඩි දුරටත් මෙසේද පවසයි.

ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය සදහා යොදාගන්නා ලෙසත්, පැරණි මෙහෙයුම් පද්ධති තිබෙන WhatsApp භාවිතා කරන ජංගම දුරකථන තිබේනම්  2020 පෙබරවාරි මාසයට පෙර ඉහත සදහන් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයකට අවම වශයෙන් මරුවන්නට යැයි කියා WhatsApp FAQ මගින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප ජනතාවට අවධාරණය කරන අතර Windows මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන සියල්ලටම තම සහාය මේ වසර අවසාන වනවිට Windows  මෙහෙයුම් පද්ධතියේ අවසානයත් සමගම ලබා නොදීමට WhatsApp තීරණය කොට ඇතැයි අප සංගමයට තොරතුරු ලැබී තිබේ.

තවද ජූලි පලමුවනදායින් පසුව බොහෝ දුරට WhatsApp යෙදුම Microsoft Store වෙතින් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කොට ඇතැයි වාර්තා වී ඇති අතර මේ නිසා සියලුම ශ්‍රී ලාංකික Windows මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනය භාවිතා කරන්නන් හට හැකි ඉක්මනින් IOS හෝ Android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයක් කරා පියමනින්නට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *