Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අනුර සේනානායකට අධිචෝදනා පත්‍ර භාර දෙයි

Read Time3Seconds

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණි.

අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියම කල අතර ඔහු විසින් තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපය මහාධිකරණයේ ඇපයක් වශයෙන් භාර ගැනීමට ද විනිසුරුවරයා අවසර දුන්නේය.

විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කෙරෙනි. එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ තර්ජනය කිරීමෙන් වළකින ලෙසත් දැනට නියම කර ඇති ඇප කොන්දේසි වලින් එකක් හෝ කඩ කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා විත්තිකරුට තරයේ අවවාද කළේය.

නැවත නඩු විභාගය ඔක්තෝම්බර් මස 23 වන දා ආරම්භ කිරීමට නියමිතය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *