Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඩෙටර්නේටර් 1000 ක් කාත්තන්කුඩියෙන් සොයා ගැනේ

Read Time7Seconds

බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්, 1000 ක් ඇතුළු ජෙලෙග්නයිට් කූරු,උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයේ වළ දමා තිබියදී අද සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

පාස්කු ප‍්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ මේවා සොයාගත් බව පොලසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයට මිල්හාන් නැමැති සැකකරු රැගෙන ගොස් සැකකරුගේ ප‍්‍රකාශ අනුව ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපකරණ සොයා ගෙන ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *